#Technology

Browse More

#Sports

Browse More

#Hollywood

Browse More

#Music

Browse More

ඇසල මහා පෙරහැර



 ඇසළ සඳේ 

සඳ රැස් දහරා අතරේ...

ආතත විතත  

ගන සුසිරත්

වෙන නඳ දුන්නේ...

රැගුමන් දුටුවා 

නෙත පිනවන 

සිත් බන්දන

වෙස් තට්ටුව අස්සේ...

ඇත් වෙස් රැගත් 

රජ තුන්කට්ටුවක් දුටුවා

සෙංකඩගල පුරයේ...

ඉන්දියි නැදුන් වාසනා 

යන නම් රැදුණේ...

⁣නොවරදවාම තේවාවට

ආවයි හැම වාරේ...

ස්වේත පාවඩ මතින්

වැඩමවා කරඩුව සමිදේ...

හැඩ කෙරුවා පෙරහැර

සිත් බැද තබනා අයුරේ...

දෙව් බඹ සේනා නද දී

සෙංකඩගල අහසේ...

දොහොත් මුදුන් දී

වැන්දයි සිරි දළදා මුනිදේ...

🙏🙏🙏🙏🙏🙏🙏🙏









VPN, එහෙමත් නැතිනම් Virtual Private Network එකක් වැඩකරන හැටි සරළව තේරුම්ගනිමු

 📝Technology Knowledge Store:

VPN, එහෙමත් නැතිනම් Virtual Private Network එකක් වැඩකරන හැටි සරළව තේරුම්ගනිමු

August 17, 2021


VPN කියන්නේ මේ දවස් වල හැමෝම භාවිතා කරන දෙයක් වුණත් ගොඩ දෙනෙකුට තමන් මේ භාවිතා කරන දේ පිළිබඳව වත්, ඒක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැනවත් ලොකු අවබෝධයක් නැති බව දකින්නට ලැබෙනවා.

මුලින්ම දැනගන්න ඕන කාරණා කිහිපයක් තියනවා. ඒ තමයි අන්තර්ජාලයට සම්බන්ධ වුණ විට ඔබව uniquely හඳුනාගන්න පුළුවන් වෙන IP Address එකක් ඔබට ලැබෙනවා. ඒ වගේම අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙන හැම Server එකකටම, හැම Device එකකටම මේ වගේ IP Address එකක් තියෙනවා.


හිතන්න ඔබ YouTube වෙබ් අඩවියට පිවිසෙන අවස්ථාව. එහිදී ඔබ විසින් ඔබේ browser එකේ YouTube.com වෙබ් ලිපිනය ඇතුලත් කර enter button එක press කළ විට ඒ වෙබ් ලිපිනයට අදාල Server එකට ගිහින් YouTube වෙබ් අඩවියේ දත්ත ඔයා ලඟට අරගෙන එන්න ඕන.


අන්න ඒ දේ කරන්න නම්, මේ YouTube වෙබ් අඩවිය තියන Server එකේ IP Address එක අපි දැනගෙන ඉන්න ඕන. මේ හැම වෙබ් අඩවියකම IP Address සහ Domain name තියෙන ප්‍රධාන Servers කිහිපයක් තියනවා. ඒවා තමයි DNS Servers කියලා හඳුන්වන්නේ.


ඉතින් Browser එකෙන් මුලින්ම ගිහින් මේ DNS Server එකෙන් අහනවා, youtube.com කියන domain එකට අදාල IP Address එක මොකක්ද කියලා. 


එතනින් ඒ IP Address එක අරගෙන ඊළඟට අපි කෙලින්ම අදාල IP Address එකට (ඒ කියන්නේ YouTube වෙබ් අඩවිය තියෙන server එකට) request එකක් යවලා අපිට ඕන කරන දත්ත ලබා ගන්නවා.


මේ විදිහට අපි යවන හැම request එකකම, Source IP Address එක (ඒ කියන්නේ අපේ IP Address එක) සහ Destination (ගමනාන්තයේ, ඒ කියන්නේ බොහෝ විට අදාල Server එකේ) IP Address එක අන්තර්ගත වෙනවා.


මෙම ක්‍රියාවලියේදී සංසරණය වන දත්ත අතර ඔබගේ පරිගණකයේ හෝ ජංගම දුරකතනයේ IP ලිපිනය, Passwords, Credit Card Details වගේම ඔබව හදුනාගත හැකි විස්තර බොහොමයක් අන්තර්ගත වෙනවා.


එම තොරතුරු ඔස්සේ ඔබ කවුද යන වග මෙන්ම ඔබ සිටින ස්ථානය පවා හදුනාගත හැකි වෙනවා. මේ තොරතුරු හැකර්වරයෙක් අතට පත් වුවහොත් ඔහුට ඔබ ලෙස පෙනී සිටිමින්, විවිද ආකාරයේ ක්‍රියාකාරකම් අන්තර්ජාලය තුලදී සිදුකිරීමේ හැකියාව පවතී.


ඉතින් අපි මේ සංසරණය කරනු ලබන දත්ත වෙනත් කෙනෙකුට බළාගන්න බැරි වෙන විදිහට හුවමාරු කරගන්න ක්‍රමයක් තියනවා නම් ඒක ඉතාමත් ආරක්ෂිතයි නේද? අන්න ඒ දේ කරන්න තමයි මේ VPN එකක් ඕන වෙන්නේ.


ගොඩක් වෙලාවට VPN එකක් ගැන පැහැදිළි කරන්න කිවුවම ගොඩ දෙනෙක් කියන්නේ අපි ඉන්න තැන ඉඳන් Server එකට Tunnel එකක්, එහෙමත් නැතිනම් බටයක් වගේ connection එකක් හැදෙනවා, ඒක ඇතුලින් යන දත්ත කාටවත් බලන්න බෑ කියන කතාව. අපි බළමු ඒ කතාව කොයි තරම් දුරට ගැලපෙනවාද කියන එක ගැන.


ඇත්තටම VPN එකක Server එක සහ Client එක වශයෙන් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මේ අතරින් ඔයා ඔය දැන් භාවිතා කරන Software එකට කියන්නේ VPN Client එක කියලයි. ඔයාගේ VPN Client එක හරහා ඔයා සම්බන්ධ වෙන්නේ VPN Server එකටයි. අදාල Server එක පිහිටලා තියෙන රට තමයි ගොඩක් Client වලදි ඔයාට තෝරගන්න හැකියාව ලබා දෙන්නේ.


අපි අර කලින් කතා කරපු Request ටික මේ VPN Client එකෙන් Encrypt, එහෙමත් නැතිනම් කාටවත් තේරුම් ගන්න බැරි සංකේත සහ අකුරු ගොඩකට convert කරනවා. ඊට පස්සේ මේ දත්ත ටික සාමාන්‍යය දත්ත හුවමාරු කරන විදිහටම ISP හරහා VPN Server එකට යනවා.


මේ විදිහට මේ දත්ත ටික VPN Server එකට ගිය විට, මේ Server එකට පුළුවන් ආයෙත් අර අකුරු සහ සංකේත ටික භාවිතා කරලා මුලින්ම තිබුණු දත්ත ටික ප්‍රතිනිර්මාණය කරගන්න.


දැන් ඔයාලට එන ප්‍රධාන ප්‍රශ්නය වෙන්නේ, Server එකට පුළුවන් නම් සංකේත ටික දත්ත කරන්න, ඇයි මග ඉන්න ISP ට හරි, Hacker කෙනෙකුට හරි ඒකම කරන්න බැරි? මේකට හේතුව මේ දත්ත Encrypt කරන්නේ Key දෙකක් භාවිතා කරලා.


එක Key එකක් තියෙන්නේ ඔයා ළඟ, අනිත් එක තියෙන්නේ VPN Server එකේ. මේකෙත් Private Key, Public Key කියලා වර්ග දෙකක් තියනවා. ඉතින් මේ සංකේත ටික දත්ත බවට පත් කරන්න නම්, මේ කියන Private Key එක ඕන වෙනවා.


ඉතින් ISP ළඟ වත්, Hacker කෙනෙක් ලඟ වත් මේ Private Key එක නැහැ. ඒක නිසා එයාලට මේක ඇතුලේ තියෙන රහස් පණිවිඩ ටික බළාගන්න පුළුවන් කමක් නෑ.


බැංකු, ලොකු ලොකු ව්‍යාපාරික ආයතන එහෙම මේ විදිහට තමයි දුර තියෙන එයාලගේ Server එක්ක communicate කරන්නේ. එතකොට එයාලගේ ගිණුම් තොරතුරු, ව්‍යාපාරික රහස් වගේ දේවල් හුවමාරු කරන විට කාටවත් දැකගන්න පුළුවන් කමක් නෑ.


ඉතින් දැන් තේරෙනවා ඇති ඇයි VPN එකක් භාවිතා කරද්දී අපි යන වෙබ් අඩවි block කරන්න ISP ට හැකියාවක් ලැබෙන්නේ නැත්තේ ඇයි කියන එක. එයාට අපි හුවමාරු කරන දත්ත මොනවද කියලා දැකගන්න විදිහක් නෑ.


මතක ඇති මම මුලින් කිවුවා දත්ත encrypt වුණත්, source IP Address එක සහ destination IP Address එක encrypt වෙන්නේ නැති බව. ඉතින් ISP ට තවමත් ඔයා connect වෙන්නේ මොන IP Address එකටද (VPN Server එකේ IP Address එක) කියන එක බලාගන්න පුළුවන්.


ගොඩ දෙනෙක් එකම IP Address එකකට දිගු කාලයක් සම්බන්ධ වෙලා ඉන්නකොට මේ ISP ට මේක VPN Server එකක IP Address එකක් කියලා අනුමාන කරන්න පුළුවන්. ඒ වගේම මේ IP Address අයිති කාටද කියලා බලන්න වෙනම ක්‍රම සහ විධි තියෙනවා. ඉතින් මේ විදිහට Public VPN Server එකක් කියලා තහවුරු වෙන IP Address ටිකත් මෙයාලා අවහිර කරනවා.

මේ විදිහට අප‍ේ Device එකේ සිට VPN Server එකට යන request එකේ Source IP Address එක වෙන්නේ ඔයාගේ IP Address එක. Destination IP Address එක වෙන්නේ VPN Server එකේ IP Address එකයි.


ඉතින් කලින් සඳහන් කළ විදිහට Server එකේදී මේ දත්ත Decrypt කරලා, Server එකේ සිට අදාල වෙබ් අඩවියට ආයෙත් request එකක් යවනවා. මේ යන request එකේ Source IP Address එක වෙන්නේ VPN Server එකේ IP Address එක වගේම, Destination IP Address එක වෙන්නේ අදාල වෙබ් අඩවියේ IP Address එකයි.


ඉතින් මේ විදිහට ඔයාගේ තොරතුරු අදාල වෙබ් අඩවිය දකින්නේ VPN Server එක පිහිටි රටේ සිට පැමිණි request එකක් ලෙස වන අතර මේ අනුව ඔබගේ සැබෑ IP Address එක පිටස්තර පුද්ගලයන් හට දැකගන්නට ලැබෙන්නේ නැහැ.


ඒ වගේම මතක තියාගන්න ඕන තවත් කාරණයක් තමයි, අර Passwords, Credit Card Numbers වගේ හැම තොරතුරක්ම VPN Server එකේදි decrypt වෙනවා. ඉතින් ඒ Server එක අයිති කෙනාට මේ දත්ත Save කරලා තියාගන්න වුණත් පුළුවන්.

මේ VPN Server එකේ සිට අදාල වෙබ් අඩවියට මේ දත්ත රැගෙන යන විට, අදාල රටේ ISP ට මේ දේවල් දැකගන්නත් හැකියාව තියෙනවා. Server එකේ සිට අදාල වෙබ් අඩවියට තියෙන connection එක ආරක්ෂිත නැතිනම්, ඔබගේ දත්ත තවමත් අනාරක්ෂිතයි.

නැදුන්ගමුවේ රාජාගේ අපූරු කතා...😍 💕🙏🌿

 



නැදුන්ගමුවේ රාජාගේ අපූරු කතා...😍 💕🙏🌿


මෙයා ප්‍රාණඝාතයට අකමැතියි. මත්ද්‍රව්‍ය පානයට අකමැතියි. කිසිම නරක වැඩක් කරන්නෙ නැහැ. මෙයා මුලින්ම දළදා කරඬුව පිට උඩ තබා ගන්නෙ 2005 වසරෙ. පළමු වතාවෙ හරි වැඩක් වුණා. කරඬුව සහිත රන්සිවිගෙය ගැටගහන්න පඩිපෙළ කීපයක් නැඟල යන්න ඕනෑ. එතෙක් එහෙම දෙයක් නුපුරුදු රාජා මේ පඩි නැංගෙ නැහැ. කොච්චර කථා කළත් ගියෙ නැහැ. අන්තිමේ දළදා මාළිගාවෙ ඉහළ නිලධාරීන් දළදා හාමුදුරුවන්ට බාරයක් වුණා.

පුදුමයි! මෙන්න මෙයා හනි හනිකට උඩට නඟිනව. ඊළඟ ප්‍රශ්නය ආවෙ කරඬුව සහිත රන්සිවි ගෙය මෙයාගෙ බඳ වටා බඳින්න බැරි තරම් මෙයාගෙ බඳ මහත වැඩිවීමයි. කලින් හිටපු දළදා මාළිගාවෙ රාජාගේ බඳ පටි මෙයාට සෑහුණේ නැහැ. ඒ නිසා බඳපටි අලුතෙන් සකසන්නත් සිදුවුණා. අඩි එකොළහක් උස නිසා කරඬුව ගැට ගැහැව්වම වහලෙත් වදිනවා. පාවාඩයක් නොදැම්මොත් කවරදාවත් කරඬුව පිට තියාන එයා ගමන් කරන්නෙ නැහැ. සාමාන්‍යයෙන් ආඩම්බර කාරයෙක් වුණත් නැට්ටුවො ඇ‍ඟේ හැපුණත් කරඬුව ගත්ත වෙලාවට මෙයා පොඩි ළමයෙක් වගෙයි. මෙයා ලබන ආත්මෙ නම් අනිවාර්යයෙන්ම මනුෂ්‍යයෙක්. දළදා කරඬුව වඩමවාගෙන යනකොට මෙයා සතුටු කඳුළු වගුරවමින් යන්නෙ.


ධර්ම විජය මහතා


#නැදුන්ගමුවේ රාජා | #Nadungamuwe Raja 💜️🐘🌿 


📷

𝗦𝗲𝗻𝗸𝗮𝗱𝗮𝗴𝗮𝗹𝗮 - සෙංකඩගල 🇱🇰 

Sri Dalada Maligawa 

Media Bureau Sri Dalada Maligawa 

#kandyesalaperahara2021 #sridaladamaligawa

#නැදුන්ගමුවේ රාජා | #Nadungamuwe Raja 💜️🐘🌿

 


හොරණ පැත්තේ ලී මඩුවක දර කොටන් ඇද ඇද හිටපු උඹව, මීට අවුරුදු 40කට කලින් රුපියල් 75,000ක් දීලා අරගෙන වැලිවේරියට ගෙනාවේ ධර්මවිජය ලොකු වෙද මහත්තයා. 


 එදා ඉඳන් උඹ ධර්මවිජය පවුලට එයාලගෙම සාමාජිකයෙක් උණා. වැලිවේරියට ආව දවසේ ඉඳන් අද වෙනකලුත් උඹට කන්න කිතුල් කොටයක් උඹ උස්සන් ආවට කවදාවත් පවුලේ වැඩකට කොටයක් අදින්න වෙදමහත්තයා ඉඩ තිබ්බේ නැහැ. 


 උඹට අවුරුදු 50 කිට්ටු වෙනකොට උඹේ කටේ ඉතුරු උන අන්තිම දත් පේලිය වෙදමහත්තයා මැණිකක් වගේ පරිස්සම් කලේ මිල්ලන්ගොඩ ලොකු රාජාලට උන දේ දැනගෙන නිසා වෙන්න ඇති. අදටත් කරේ තියෙන දම්වැලක් හපන්න හදනකොට කළුමාමා කොටුවෙන් තට්ටුවක් දාලා උඹට සැරකරන්නේ උඹට තියෙන ආදරේට. 


 අඩි 5ක් දිග රාත්තල් 450ක් විතර බර දළ දෙක උස්සගෙන හැමදාම උදේට නැගිටින්න හදනකොට දළ දෙක උස්සගන්න තියෙන අමාරුව දැකලා වෙදමහත්තයා උඹ නිදාගන්න තැන ඔළුව උඩින් තියලා නිදාගන්න වෙනම තැනක් හැදුවා. මංගල කුලයේ ආසියාවේම දැවැන්තයා උනත්, දහස් ගණන් මිනිසුන් එක්ක ගැවසෙන කොට උනත්; උඹේ පිටිපස්සේ කකුල් දෙකේ දම්වැල් ගලවලා තිබ්බේ වෙදමහත්තයට උඹ ගැන තිබුන අපමණ විශ්වාසෙට වෙන්න ඕනෙ. 


උඹ නැගිටිනකොට උඹේ බරටම කකුලේ ස්වභාවිකව හැදිලා තිබුන තුවාලෙට උදේ හවස කළුමාමා බෙහෙත් ගෑවා උඹ මදකිපිලා, ගස් බැඳලා උඹ ලඟට එන්න බැරි කාලේ උනත්. ඇපල්, පිපිඤ්ඤා උඹට කන්න අරගෙන උඹව බලන්න අපි ආපුවහම "ඇතාට දැන් පිපිඤ්ඤා විතරක් කවන්න. ඇපල් කැවුවොත් දියවැඩියාව හැදෙයි" කියපු කළුමාමත් මාරයි. උඹ හුස්මගන්න සද්දේ අහලා උඹේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් තරම් අන්‍යෝන්‍ය අවබෝධයක් උඹයි කළුමාමයි අතර තිබුණේ..


කියන්න කතා ගොඩයි. ඒත් පරක්කු වෙනවා. මහ රන්දෝලියට නැකත ලං වෙනවා. අවුරුදු 40කට කලින් ලී මෝලේ කොටන් ඇද ඇද හිටපු උඹ තව දවස් කිහිපයකින් 13 වෙනි වතාවටත් සධාතුක කරඬුව වඩම්මනවා. නිකන්ම නෙවෙයි.. ලක්ෂ ගානක් මිනිස්සුන්ගේ සාදුකාර මැද්දේ. උඩුවියන් යටින්, පාවඩ උඩින්, වෙස්, බෙර, නර්තන, සේසත් ආදී දහස් ගණනක් වුන ලංකාවේ ප්‍රවීණම ශිල්පීන්ගේ නර්තන පෙරටු කරගෙන. 


 උඹේ ආරක්ෂාවටම වාසනයි, ඉන්දිරාජයි දෑලේ තියාගෙන. හරිම අපූරුයි. මාලිගාවේ රාජා 48 අවුරුද්දක් පෙරහරේ ගියාට දළදා පෙරහැර ඉතිහාසයේ අවුරුදු ගානක් නොකඩවා කරඬුව වඩම්මවපු එකම ඇතා උඹ. කරඬුව නැතුව පාරේ යද්දිත් මිනිස්සු උඹට වඳින්නේ ඒ පින නිසා වෙන්න ඇති. උඹ ඇත්තටම අපමණ පිංකාරයෙක්.. 🙏🌿😍🐘


#නැදුන්ගමුවේ රාජා | #Nadungamuwe Raja 💜️🐘🌿 


📷 

𝗦𝗲𝗻𝗸𝗮𝗱𝗮𝗴𝗮𝗹𝗮 - සෙංකඩගල 🇱🇰 

Sri Dalada Maligawa 

Media Bureau Sri Dalada Maligawa 

#kandyesalaperahara2021 #sridaladamaligawa #nadungamuweraja #elephant #tusker #raja #kalumama

නැදුන් ගමුවෙ රාජාට සගයන්ගේ නමස්කාරය 🙏🙏🙏

 


හැට අටක් වුණත් මට 

පුතේ ඇත හයිය තව

නගින්නට කැමති නැත

උඹ නගින රෝද උඩ

නො ආවත් එකෙක් අද

මන් ආව අඩි පාර

මට කලින් ගොහින් උඹ

වැදගනින් දළදාව

එන බවත් මගින් මම

කියහන් එහෙ දරුවන්ට

උන් ඉන්නෙ මගබලන්

දැකගන්න ඉතින් මාව

දග උඹේ කකුල් අද

නැටුවාට බෙර පදය

නැතිදාට මන් නුවර

උඹෙ කරෙයි දළදාව

රැකගනින් පුතේ ඒ 

උතුම් වූ දළදාව

මතුභවේ සැනසෙන්න

මගයි එය නිවන් යන......෴


✍️ උපුටා ගැනීමකි ස්තුතිය මුල් හිමිකරුට

නුවර පෙරහැර ඉවර වුණාම අලි ඇතුන් කඳුළු සලන්නේ ඇයි 🙏☘️❤️🌻🐘

 - නුවර පෙරහැර ඉවර වුණාම අලි ඇතුන් කඳුළු සලන්නේ ඇයි 🙏☘️❤️🌻🐘

- මේ ලිපිය ඒ ගැනයි 😍🐘❤️





.

මහනුවර පෙරහරේ යන අලි ඇතුන් ගැන ශී‍්‍ර දළදා මාලිගාවේ සේවය කරන ප‍්‍රදීප් මියනපලාව මහතා කියන රසබර කතා කිහිපයක්.මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර අති උත්කර්ෂවත් අන්දමින් මහනුවර නගරයේ වීදි සංචාරය කර හමාර කළේ රාත්‍රියෙයි. දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම දළදා පෙරහර ඉතා ආශාවෙන් නැරඹුවෝය. මෙම දළදා පෙරහරේ ගමන් කරන අලි ඇතුන් දෙස බොහෝ දෙනා ඉතා ආශාවෙන් බලා සිටියත් පෙරහරට අලි ඇතුන් සූදානම් කිරීම හිතන තරම් ලෙහෙසි පහසු දෙයක් නම් නොවේ.


මෙ රට අලි ඇතුන් ගැන ඉතා හොඳින් දන්නා අය අතරින් ශී‍්‍ර දළදා මාලිගාවේ සේවය කරන ප‍්‍රදීප් මියනපලාව මහතාට හිමිවන්නේ විශේෂ තැනකි. ප‍්‍රදීප් මියනපලාව මහතා පාරම්පරික අලි වෙද මහතෙකි.


ඈත අතීතයේ සිංහල රජ සමයේ සිට අලි වෙදකම් ගැන ප‍්‍රසිද්ධියක් උසුලන පරම්පරාවකින් පැවැත එන අප රටේ ළාබාලම හස්ති වෛද්‍යවරයා ප‍්‍රදීප් මහතායි. ඔහුට අප රටේ සිටින හීලෑ අලි ඇතුන් දුටු සැනින් හඳුනා ගත හැකි අතර අලි ඇතුන් ගැන මෙන් ම අලි ඇතුන් ගේ කි‍්‍රයාකාරකම් ගැන ද ඔහු ඉතා හොඳින් අධ්‍යයනය කළ අයෙකි.


ප‍්‍රදීප් මියනපලාව මහතා සඳහන් කරන්නේ ඈත අතීතයේ මහනුවර දළදා පෙරහරේ අලි ඇතුන් 150ක් 175ක් පමණ ගමන් කර ඇති බවයි. වර්තමානයේ පෙරහරේ ගමන් කරන්නේ අලි ඇතුල් 70ක් 80ත් අතර ප‍්‍රමාණයකි. මේ තත්ත්වය මත තව වසර කීපයකින් පෙරහර කරඬුව වැඩමවීමට ඇතුන් සොයා ගැනීමේ ගැටලූවට බරපතළ ලෙස මුහුණදීමට සිදුවන බව ප‍්‍රදීප් මහතා පවසයි.


“අද ලංකාවේ හීලෑ අලි ඇතුන් 130ක් පමණ සිටිනවා. නමුත් මද කිපුණු හා අසනීප වූ අලි ඇතුන් හැර අනෙක් අලි ඇතුන් 80 ක් 85 ක් පමණ ප‍්‍රමාණයක් පමණයි මෙවර පෙරහරට සහභාගි කරවන්න පුළුවන් වෙන්නේ. එ්ත් මාලිගාවේ පෙරහර කරඬුව පමණක් දින දහයක් වඩමවන්න දළ ඇතුන් නම දෙනෙක්වත් ඉන්න ඕනේ.


පෙරහර කරඬුව වඩමවන්න හැම ඇතාට ම බැහැ. එ් සඳහා එම ඇතාට විශේෂ පෙනුමක් තියෙන්න ඕනෙ. එ් වගේ ම විශ්වාසයක් තියෙන්නත් ඕනෙ. ඒ වගේ තවත් කරුණු රැසක් ගැන අපට අවධානය යොමුකරන්න වෙනවා. එ් නිසා දියවඩන නිලමේ නිලංග දෑල මහතා පෙරහර කරඬුව වඩමවන්න තෝරාගෙන තියෙන්නේ ඇතුන් හතරදෙනයි. එ් හර්ෂ ධර්මවිජය මහතාට අයත් නැඳුන් ගමුවේ රාජා, රුහුණු කතරගම දේවාලයේ වාසනා ඇතා. හෙම්මාතගම සිද්ධාර්ථ හිමියන්ට අයත් වේවැල්දෙණියේ ඇතා සහ මාලිගාවේ ඉංදිරාජා ඇතා යන ඇතුන්” යැයි ප‍්‍රදීප් මහතා පවසයි.

පෙරහර ආරම්භ වෙන්න මාස තුනකට පමණ ඉහත දී ලංකාවේ හීලෑ අලි ඇතුන් ගැන ලැයිස්තුවක් සකස් කරන අතර ඉන් පසුව එ් අයගේ සෞඛ්‍ය තත්ත්වය හා මද කිපෙන ආකාරය ගැන සොයා බැලේ. අසනීප හා මද කිපුණු ඇතුන් ඉවත් කර ඉතිරි අලි ඇතුන් පිළිබඳව විස්තරයක් දියවඩන නිලමේවරයාට ඉදිරිපත් කෙරේ.


මාලිගාවේ දියවඩන නිලමේතුමා විසින් මෙවර පෙරහරේ ගමන් කරන අලි ඇතුන් කවුරුන්ද යන්න තෝරා ගැනේ. ඉන් පසුව මාලිගාවේ නැකැත් පත‍්‍රයද බුලත් අතක් හා නිලමේතුමාගේ ත්‍යාගයක් ද රැගෙන නිලමේතුමාගේ නියෝජිතයෙක් සමග යන ප‍්‍රදීප් මහතා එ් දේවාල පන්සල් හා නිවෙස්වලට ගොස් අලි ඇතුන්ගේ හාම්පුතුන්ට චාරිත‍්‍රානුකූලව ආරාධනා කර මෙවර පෙරහරට අලි ඇතුන් සහභාගි කරවන්න කියා ඉල්ලීමක් කෙරේ. එ් අනුව එ් අලි ඇතුන් පෙරහරට සහභාගි කරවන්න එ් අලි අයිතිකරුවන් කටයුතු කරයි. එ් හීලෑ අලි ඇතුන් පෙරහරට සහභාගි වෙන්න පෙර එ් අය එළියට ගන්නේ ආසන්න නැකතකිනි.


පෙරහරට අලි ඇතුන් ගෙනයන්න පෙර අලි හාම්පුතුන් විසින් අලි ඇතුන්ගේ කරේ පුංචි මිණි ජෝඩුවක් බැඳීම සිදු කෙරේ. එවිට ඒ අලි ඇතුන්ට තමන් දැන් පෙරහරට යන්න සූදානම් වෙන්නෙ කියා හැෙඟ්. එවිට එ් අලින්ගේ හැසිරීම් රටාව ඔවුන් විසින් සම්පූර්ණයෙන්ම වෙනස් කර ගනී. එ් අය ඉක්මනින් එ් ගමන යන්න උත්සාහ කරයි. එ් අය දන්නවා පෙරහරට ගිය විට තමන්ගෙ වර්ගයා මුණ ගැසෙනවා කියා. එ් අය පුදුම සතුටකින් ඉන්නෙ පෙරහරට යන්න. සමහර අලි ඇතුන් වසරකට වරක් හමුවන මිතුරු මිතුරියන් හමුවෙන්න හරිම ආශාවක් දක්වනවා.


ශී‍්‍ර දළදා පෙරහරට සහභාගි වෙන්න පයින් එන එකම ඇතා කරඬුව වඩමවන නැදුන්ගමුවේ රාජා පමණයි. එයාගේ දළ දෙකට හානි වෙයි කියලා එයා ලොරිවල නග්ගලා එවන්න අයිතිකරු කැමති නැහැ. එ් නිසා එයා දින හතක් තිස්සේ පෙරහරට එන්නේ පයින්මයි. එ් දින හතේම එයා නිදා ගන්නේ නැහැ. එයා නිදා ගන්නේ එයාගෙ ගෙදර ඇත් ගාලෙ පමණයි.


බොහෝ අලින්ට නිදිපොල මාරු වුණාම එ් අයට නින්ද යන්නේ නැහැ. නමුත් කාලයක් පෙරහරට ඇවිත් පුරුදු වුණු අය එකම තැන බඳින නිසා එ් අය හොඳට නිදා ගන්නවා. මෙවර පෙරහරට දුර බැහැර සිට අවේ අලූත්ගම කිරින්දේ ඇතා පමණයි. එයා ලොරියක නංවාගෙන දින දෙකක කාලයක් ගත කර මහනුවරට රැගෙන ආ අතර එක රාති‍්‍රයක් අතර මග නවාතැන් ගත්තේය.


රට වටෙන් පෙරහරට එන අලි ඇතුන් මාලිගාව හා දේවාල අවට හැම වසරෙදිම බඳින්නෙ එකම ස්ථානයකයි. එ් අලි ඇතුන් වසරකට පසුව එතනට ආවත් එයා දන්නවා මේ එයා හැමදාම පෙරහරට ආවාම ඉන්න තැනයි කියා. පෙරහරට එන අලි ඇතුන් එ් අය අතර මිතුරන් හා හතුරන් ඇති කර ගැනේ. ඒ අය ගාල් කරන විට මිතුරන් ළංකර තරහ අය ඈත් කර තමයි ගාල් කරන්නේ. නැතිනම් එ් අය රණ්ඩු සරුවල්වලට යන්න උත්සාහ ගනී.


පෙරහරට එන කිවුල්පනේ ඇතින්න හා කෑගල්ලේ නිස්සංක මහතාට අයත් මැණිකේ ඇතින්න පෙරහරට ඇවිත් පුදුම මිතුදමක් ගොඩනගා ගත් දෙන්නෙක්. එ් දෙන්නා මුණ ගැසෙන්නේ වසරකට එක වතාවයි. ඒ මෙම පෙරහරේදී පමණයි. ඒ දෙන්න ගාල් කර බඳින්නේ එකම තැනකයි. ඒ දෙන්නා කෑම පවා කන්නේ හුවමාරු කරගෙනයි. ඒ වගේම ඒ දෙන්නාම තම යාළුවගේ ඇත් ගොව්වන් පවා හොඳින් හඳුනයි. එ් දෙන්නම තමන්ගේ යාළුවගේ ඇත්ගොව්වගේ අණට පවා හරිම කීකරුයි.


සාමාන්‍යයෙන් බොහෝ තරහා ඇතිකර ගන්නේ පිරිමි අලින්. තවත් පිරිමි අලියෙක් සමග තාරුණ්‍යයට හා නායකත්වයට යම් ප‍්‍රශ්න ඇති වුණොත් එ් අලි තරහා වෙනවා. එවිට එ් අලි එ් තරහා වසර ගණනාවක් තියා ගනී. එ් අලි හොඳට හඳුනන නිසා හැම විටම එ් අය එකට මුණගස්වන්නේ නැහැ. තවත් කෙනෙක් තමයි මාලිගාවේ ජනරාජා ඇතා. එයා ළඟ තිබෙන්නේ අමුතුම තාලෙ වැඩ. එයාව පෙරහරේ ගෙනියන්නේ හරිම බයෙන්. එ් කියන්නේ කුලප්පු වෙලා කරදර කිරීමක් නොවෙයි. එයා කොයි වෙලාවෙ වැඩ අවුල් කරයිද කියලා කාටත් සැකයි. මේ කරුණු අනුව පෙරහරට අලි ගමන් කරවන්නෙත් ඒ අයගේ යාළු මිත‍්‍රකම් හා ගතිගුණ සැලකිල්ලට අරගෙනයි.


අලි ඇතුන් පෙරහරේ යන්න හරිම කැමතියි. එ් අය ඇඳුම් ඇඳගෙන පෙරහරේ යන්නේ මහත් ආඩම්බරෙන්. සාමාන්‍යයෙන් අලි ඇතුන් ඇඳුම්වල පාටට එතරම් ඇල්මක් දක්වන්නේ නැහැ. ඒත් ඇඳුම් ඇඳගෙන පෙරහරේ යන්න අලි ඇතුන් හරිම කැමතියි. අලි ඇතුන් ඕන වෙලාවක් බැඳගෙන ඉන්න පුළුවන් වුවත් එ් අයට ඇඳුම් ඇන්ද වූ විට සමහර අලි ඇතුන් එකතැන තියාගෙන ඉන්නට බැහැ. පෙරහරේ යන්නමයි උත්සාහ කරන්නේ. ඒ නිසා සමහර ඇත් ගොව්වන් කියන්නේ ‘අනේ මෙයා පෙරහරේ ඉස්සෙල්ලාම දාන්න. මෙයා ඇඳුම් අන්දවලා එකතැන තියාගෙන ඉන්න බැහැ.’ කියලයි.


අලූතෙන් එන කෝඩුකාර අලි ඇතුන් එක්වරම පෙරහරේ ගෙනයන්නේ නැහැ. එ් අය බෙර හඬට, පන්දම් එළිවලට හා මිනිසුන්ටත් බය නැති වෙන්න ඕනෙ. ඒ නිසා පළමුවෙන්ම කරන්නේ එ් කෝඩුකාර අලි ඇතුන්ට පෙරහර පටන් ගන්න ඉස්සර ලස්සන ඇඳුමක් ඇන්දවීමයි. එවිට එම සතා ආශාවෙන් ඇඳුම් ඇඳගෙන සිටී. නමුත් එහෙම කලත් එයාව පෙරහරේ ගෙන යන්නේ නැහැ. පළමුව එයාට ඇඳුම් අන්දවලා ගෙනත් එක තැනක ගැට ගහලා එයාට පෙරහර පෙන්වනවා. එහෙම දින කීපයක් කළ විට එයා පෙරහරේ යන්න ආශාවක් දක්වනවා. එවිට කරන්නේ එයා මිතුරු වෙලා ඉන්න අලි ඇතුන් සමග එයා පෙරහරේ ගමන් කරවීමයි. එවිට පෙරහරේදී එයාට යම් බියක් ප‍්‍රශ්නයක් ඇති වුණොත් එයා එයාගෙ යාළුවා ළඟට කිට්ටු වෙලා ඉන්නව වගේම එ් අය දන්නවා එහෙම කරදරයක් වුණොත් එයාගේ යාළුවා එයාට උදව් කරන බව.


අලි ඇතුන්ගේ හැසිරීමත් මහා පුදුමයි. ඒ අය කොපමණ ප‍්‍රචණ්ඩ වුණත් පෙරහර වෙලාවට ඒ අය පුදුම සංවරකමක් දක්වයි. දැන් මාලිගාවේ ඇත් පංතියෙ ඉන්න ඉංදිරාජා ප‍්‍රචණ්ඩ ඇතෙක්. සමහරු පුදුම වෙනවා මෙයා කොහොමද කරඬුව වඩම්මවන්නේ කියා. එ් කොපමණ ප‍්‍රචණ්ඩ චරිතයක් වුවත් ඇඳුම් අන්දවා ඇතාගේ පිටේ කරඬුව තැන්පත් කරන්න මාළිගාව තුළට ගත් පසුව ඇතාගේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් වේ.


පෙරහරේ ශිල්පීන්, බෙරකරුවන්, පන්දම්කරුවන් එම ඇතා ළඟට ආවත් එයා නිහඬව සිටී. සමහර විට පෙරහර කරඬුව සමග රන්සිවිගේ ඇද වුණොත් ඇති. පෙරහරේ ගමන් කිරීම නතර කරයි. එක අඩියක්වත් ඉදිරියට තබන්නේ නැත. පෙරහර කරඬුව රැගත් ඇතා පෙරහරේ ගමන් කරන විට දැල ඇතුන් දෙදෙනා කරඬුව ගෙන යන ඇතාට පුදුම විදියට සහයෝගය දක්වයි.


දැලෙ යන ඇතුන් දෙදෙනාත් පෙරහර කරඬුව ගෙනයන ඇතා ගැන පුදුම විදියට අවධානයක් යොමු කරති. කරඬුව වැඩමවන ඇතු නැවතුණ විට දැලෙ යන ඇතුන් දෙදෙනාත් නතර වේ. ආයෙමත් ඉදිරියට ගමන් කිරීම ආරම්භ කළ විට කරඬුව වැඩම කරන ඇතා ගමන් කිරීමට පෙර පාදය තැබූ පසුවයි දැලෙ ඇතුන් දෙදෙනා ඉදිරියට පාද තබන්නේ මේවා කවුරුත් ඒ අයට කියා දුන් ඒවා නම් නොවෙයි.


පුංචි අලි පැටවුන් වගේ ලොකු ඇතුන්ද පැණිරසට පුදුම කැමැත්තක් දක්වයි. ඒ නිසා එ් අය පෙරහරේ ගමන් කරන විට කාටත් හොරෙන් ඇත් ගොව්වන් එ් අයට ටොෆි චොකලට් වගේ එ්වා කන්නට දෙති. සමහරු කොප්පරා කන්න ආසයි. සමහරු උක්දඬු වගේ දේවල් කන්න ආසයි. තමන්ගේ අලි ඇතුන් ආස කරන දේ ඇත්ගොව්වන් හොරෙන් සඟවාගෙන ඉඳන් පෙරහරේ ගමන් කරන විට කාටත් හොරෙන් එ්වා ඒ අය ට දෙති. සමහර අලි ඇතුන්ගේ දෙපාවලට මාංචු දාලා හිරකර ගෙනයි පෙරහරේ ගෙනියන්නේ. එයට හේතුව පෙරහරේ ගෙන යන්න එ් අලි ඇතුන් නුසුදුසු වුණත් අලි ඇතුන්ගේ හිඟකම නිසා එ් අයත් පෙරහරේ ගෙනයන්න සිදුවීමයි. එහෙම හිර කරගෙන යන විට ඒ අයට තරහාත් යනවා. ඒ නිසා ඇත්ගොව්වන් ඒ අයට ටොෆි, චොකලට්, පළතුරු වගේ දේවල් දීලා රවටලා එ් අයගේ අවධානය වෙන අතකට යොමු කර පෙරහරේ ගෙනයයි. හරියට පොඩි ළමයි එක්ක කටයුතු කරනව වගෙයි.


සාමාන්‍යයෙන් සමහරු හිතනවා ඇයි මේ වගේ අලි ඇතුන් මාංචු දාගෙන පෙරහරේ ගෙන යන්නේ කියා. අලි ඇතුන් මද කිපෙන්න මාස තුනකට කලින් වුණත් පෙරහරේ ගෙන යන්න සුදුසු නැහැ. නමුත් මද කිපෙන්නෙ ලබන මාසෙ කියලා තියන අයත් දැන් පෙරපරේ ගෙනියන්න සිදු වී තිබෙනවා. එ් අලි ඇතුන්ගේ හිඟකම නිසායි. එ් අයට ඒ කාලෙට ප‍්‍රචණ්ඩත්වයට බර නිසා එ් අයව හිරකරගෙන අපට පෙරහරේ ගෙන යන්න සිදුවේ.


අලි ඇතුන් පෙරහර වෙලාවෙදි වුණත් යන්නේ බොහෝ කල්පනාවෙන්. එ් බව බොහෝ අය දන්නෙ නැහැ. මොකක් හරි කලබලයක් වෙලා මිනිසුන් කෑකෝ ගහන විට අනෙක් අලි ඇතුන් දන්නවා මොකක් හරි කලබලයක් අනතුරක් කියා. එවිට එතකොට එ් අය නිතරම දුවන්නේ ඇත්ගොව්වා හා සෙනග දුවන දෙසටයි. එ් අලි ඇතුන් හැම වෙලාවෙම හිතනවා ජනතාව අතරට ගිය විට ජනතාව එ් අයව එ් කරදරෙන් බේරා ගනිවී කියා. එ් නිසා යම් සිදුවීමක් සිදුවුණ විට ජනතාව කෑකෝ ගැසුවොත් අලි ඇතුන් බිය වේ. ඝෝෂාවක් නැතිව නිහඬව ඉන්නවා නම් අලි ඇතුන් කරදර කරන්නේ නැහැ.


පෙරහර අවසානයේ ඇඳුම් ලිහනවාටත් අකමැති අලි ඇතුන් සිටී. පෙරහර මංගල්‍යය අවසන් වෙන දවස ඒ අලි ඇතුන්ට දැනේ. එ් අයට පෙරහර අවසන් කියා වැටහෙයි. සමහරුන්ට එ් කනගාටුව තිබෙයි. තමන්ගේ යාළුවන් මිතුරන් දාලා යන්න. එ් අයගෙන් වෙන් වෙන්න යනවා කියලා එ් අයට දැනේ. සමහරු දෑස්වල කඳුළු පුරෝගෙනයි සමුගන්නෙත්.


දෑස්වල කඳුළු පුරෝගෙන දළදා හිමි වන්දනා මාන කරගෙන ඒ අය තමන්ගේ ගම් බිම් බලා යන්නෙ ආයෙ තවත් වසරකින් පෙරහරට එන්න ලැබේවා කියන ප‍්‍රාර්ථනාවෙන් වෙන්නට ඇති.

.







HTTP Injector එකට එහි ෆ්‍යිල් එකක් හදමු

 


සුබ දවසක් යාලුවනේ මම අද ඔයාලට කියන්නෙ ඕනෙම සිම් එකකට ඕනෙම පැකේජ් එකක් දාලා නොමිලේ ඉන්ටර්නෙට් යන ක්‍රමයක් ගැන.. මේ ඇප් එක HTTP Injector VPN ඇප් එක.. එහි ෆ්‍යිල් වලින් තමා නොමිලේ ඉන්ටර්නෙට් යන්නෙ. ඉතින් මම අද කියන්නෙ කොහොමද මේ ehi ෆ්‍යිල් එකක් හදන්නෙ කොහොමද කියලා..

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅ HTTP Injector App Link :- https://mega.nz/file/DmZDUKBB#Za77IPLPKBfuM2Mg1xtG615Bb6ASLP7-mchYIQVUxJU HTTP Injector පළමු වීඩීයෝව :- https://youtu.be/p2Gz2K07-ic එහි ෆ්‍යිල් සාදන වෙබ් අඩවි මේ ලින්ක් ඕනෙම එකකින් උඩ වීඩීයෝ එකෙ තියෙන විදියට හදන්න පුලුවන් . හැම ලින්ක් එකකින්ම උත්සහ කරන්න . කරුණාකර හොදට මතක් තියාගන්න මේ එක ලින්ක් එකකින් දවසකට එකයි හදා ගන්න පුලුවන්.. ඒ හින්දා මේ වීඩීයෝ එකේ තියෙන විදියටම පරිස්සමින් හදාගන්න :- 01. https://sshssl.com/ 02. https://www.sshssl.com/ssl-server 03. https://www.dynamicssh.com/create-ssh-ssl 04. https://www.sshpower.net/ 05. https://www.mytunneling.com/ssh-ssl 06. https://vpnudp.com/ssh/sshssl 07. https://sshstores.net/ 08. https://speedssh.com/ 09. https://flyssh.com/ssl-server 10. https://cyberssh.com/ssh/sshssl 11. https://www.monthlyssh.com/ssl 12. https://www.ceylonssh.com/ All Zoom Not Expired :- https://mega.nz/file/S34UQKoT#PpBphGtO6sFYlpOM7BAJVvSg3I_rfwzucHTRMCKkqMg Dialog Zoom ( mobile & Router ) :- https://mega.nz/file/S34UQKoT#PpBphGtO6sFYlpOM7BAJVvSg3I_rfwzucHTRMCKkqMg All ehi File Download :- https://mega.nz/folder/6jo2GAAQ#57mDpiulJw7Wei0yDTm1cg All ehi File Download rar :- https://mega.nz/file/Pv4WyS6R#Af-KHe4xUU0vDpMTcqVSpBLZiV8s3iuOPkJTRBrid7A ehi All file. join our wattsapp group - https://chat.whatsapp.com/C0ChkTYKDj8EDILqRMB2SW ✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

 

Subscribe to our Newsletter

Contact our Support

Email us: Support@templateism.com

Our Team Memebers